Editor

You can easially download any Movies...


Only for Fun...


:) :) :) :) >>>>

Powered by Blogger.

About Trroent


ටොරන්ට් ගැන

Transmission_torrent
Sudumakuluwa.tk අඩවියෙන් චිත්‍රපට ලබාදෙන්නෙ “ටොරන්ට්” එකක් විදියට,
  • ටොරන්ට් කියන්නෙ මොකද්ද?

ටොරන්ට් කියන එකේ සිංහල තේරුම තමයි “ප්‍රවාහය” කියන එක. ඇත්තටම ටොරන්ට් කියන්නෙ බොහොම සාර්ථක නිර්මාණයක්. ඒ ඇයි කියල ඔයාලට මේ ලිපිය අවසානයේදි තේරුම් යයි.
අපි මුලින්ම බලමු ටොරන්ට් වලින් චිත්‍රපටයක් බාගත කරගන්නා ආකාරය.. (මෙහිදි Sudumakuluwa අඩවිය මගින් පහදාදීම සිදු කළත් ඔබට ඕනම වෙබ් අඩවියකින් මෙසේ ටොරන්ට් බාගත කල හැක.)
1.. මුලින්ම ඔබට ටොරන් එකක් බාගන්න ටොරන්ට් අනුග්‍රාහක (clients) මෘදුකාංගයක් ඕන වෙනව. මේ සදහා මෘදුකාංග විශාල ප්‍රමාණයක් තියෙනව, නමුත් හොදම ඒව තමයි මේ.
utorrent
මේ මෘදුකාංග සියල්ලම නොමිලේ ලබාදෙන අතර බොහොම පොඩි ඒවා. මේවයින් කැමති එකක් බාගන්න. අපි නිර්දේශ කරන්නෙ නම් uTorrent හා BitTorrent විතරයි. :D
2.. බාගත් මෘදුකාංගය ඔබේ පරිගනකයට ස්ථාපනය කරගන්න.
3..දැන් ඔබට ඕන කරන චිත්‍රපටය තෝරාගන්න. (Sudumakuluwa Movies අඩවියෙන්)
4..චිත්‍රපටය බාගන්න ලින්ක් එකක් දීල ඇති හැම ලිපියකම..ඒ ලින්ක් එකට යන්න.
5..එම ලින්ක් එකෙන් “ටොරන්ට් ෆයිල් එක” බාගන්න ඔබට ලේසියෙන් පරිශීලනය කරන්න පුලුවන් තැනකට.
6..දැන් එම බාගත් ගොනුව Right click කර Open with ගිහින් තෝරාගන්න ඔබ කලින් ස්ථාපනය කරගත් මෘදුකාංගය.
7..දැන් එම මෘදුකාංගය ඔබෙන් උපදෙස් ඉල්ලාවි කොහෙටද මේ චිත්‍රපටය සේව් කරන්න ඕන කියල.
දැන් ඔබේ අන්තර්ජාල සබදතාවයේ වේගය අනුව චිත්‍රපටය බාගතවෙයි. :)

ටොරන්ට් වල තාක්ශණික පැත්ත..

  • ටොරන්ට් ෆයිල් එකක් යනු!
ටොරන්ට් ෆයිල් එකක් යනු කුඩා තොරතුරු ප්‍රමාණයක් අඩංගු ගොනුවක්. මෙහි අඩංගු වෙන්නෙ බාගත කළ යුතු ගොනුවේ නම, එහි විශාලත්වය, බාගත කල යුත්තේ කොහෙන්ද වගේ තොරතුරු ටිකක්.
  • ටොරන්ට් Client එකක් යනු!
ටොරන්ට්  Client එකක් කියන්නෙ මේ බාගත කිරීමේ ක්‍රියාව කළමණාකරනය කරගැනීමට සැදු මෘදුකාංගයක්. මේව නොමිලේ ලබාදෙන අතර බොහොම සැහැල්ලු මෘදුකාංග කියල කියන්න පුලුවන්.
  • ටොරන්ට් Tracker එකක් යනු!
මේ ක සේවාවක් .මෙමගින් කරන්න ලොව පුරා ටොරන්ට් මගින් බාගත කරන අය සම්බන්ද කරගෙන ඔවුන්ව කළමනාකරණය කිරීමයි.
  • ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?
ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි. හිතමු X ගාව අලුත්ම චිත්‍රපටියක් තියෙනව කියල, ඔහු ඒක බෙදාදෙන්න කැමතියි අනික් අයටත්. ඔහුට පුලුවන් ටොරන්ට් ෆයිල් එකක් හදන්න. හදල ඒ ෆයිල් එක දෙනව Z ට. එතකොට Z මේක තමන්ගේ ටොරන්ට් මෘදුකාංගය හරහා බාන්න පටන් ගන්නව. X මේ චිත්‍රපටය කොහෙටවත් අප්ලෝඩ් කලේ නෑ නෙ. Z බානකොට මේ ටොරන්ට් එක යන්නෙ X ගේ පරිගනකයේ ඉදල. මෙහිදි මෙම ක්‍රියාව කළමනාකරණය කරන්නෙ Tracker එකක් මගින්. ඒ නිසා Xට සිදුවෙනව Z මේක බාල ඉවර වෙනකම්ම මේ චිත්‍රපටිය අප්ලෝඩ් කරන්න, මේකට තමයි සීඩ් කරනව කියන්නෙ. දැන් ඔන්න Z ගාවත් අදාල චිත්‍රපටිය තියෙනව. මේක තමයි මූලික සිද්දාන්තය.
දැන් බලමු ප්‍රසිද්ධම චිත්‍රපටි වලට වෙන දේ මොකද්ද කියල.
මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව ටොරන්ට් ෆයිල් එක (චිත්‍රපටය නෙවෙයි) අප්ලෝඩ් කරනව මෙහෙම ටොරන්ට් බෙදාහරින වෙබ් අඩවියකට (දැන් සීඩර්ස්ල 1යි). අපි හිතමුකො මේ චිත්‍රපටය හොය හොයා ඉන්න පුද්ගලයන් 10 දකිනව මේ ටොරන්ට් එක. එයාල මේක බාගන්නව, බාගන්න අතරතුර අප්ලෝඩ් කරනව. එමගින් චිත්‍රපටියත් බාගන්නව. (දැන් සීඩර්ස්ල 10යි) ඔන්න තව 100 දෙනෙක් මේ ටොරන්ට් එක දැකල බාගන්නව, ඒ ගමන්ම අප්ලෝඩ් කරනව. (දැන් සීඩර්ස්ල 100+යි) මේ විදියට තමයි අපි බාන ජනප්‍රිය චිත්‍රපටි අපේ පරිගණකයට එන්නෙ.
ඒ කියන්නෙ ඔබේ පරිගණකයට මේ චිත්‍රපටය ආවෙත් වෙනත් කෙනෙක් හරහා. චිත්‍රපටය බාගත්තට පස්සෙත් ටික වෙලාවක් සීඩ් කරල තවත් ඔබ වගේම කෙනෙක්ට ඒ උදව්ව කරන්න. :)
මේ වීඩියෝව බැලුවනම් තවත් හොඳට තේරෙයි. :)

ටොරන්ට්වල සීඩ්(Seeds) අඩුනම්…

ටොරන්ට්වලින් බාද්දි එන ප්‍රශ්ණයක්නේ සීඩ් අඩුනම් බෑවෙන වේගේ අඩුවෙන එක. ඉතින් ඒකට පොඩි විසඳුමක් දෙන්නම්. හැබැයි මේක 100% හරි නොයන්න පුලුවන්. :P
♦ uTorrent වලදී අදාල ටොරන්ට් එක ඩබල් ක්ලික් කරලා හෝ රයිට් ක්ලික් කර ප්‍රොපටීස් වින්ඩෝව ගන්න.
♦ එහි “trackers (separate tiers with an empty line)” ලෙස සඳහන් කොටුවෙහි තිබෙනවා අදාල ටොරන්ට් එකේ trackers ලා ලිස්ට් එක.
♦ ඉතින් දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියන trackers ලා කොපි කරගෙන අර කොටුවේ පහලින්ම පේස්ට් කරන එක. (trackersලා අතර එක ලයින් එකක පරතරයක් තියාගන්න අවශ්‍යයි)
♦ දැනට තියන trackers ඩිලීට් කරන්න එපා.
♦ ඊට පස්සේ OK කරන්න.
♦ වඩාත් පැහැදිලි කරගන්න මෙන්න මේ වීඩියෝ එක බලන්න.

ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කර ගන්න.

ඔබට ටොරන්ට් එකක් ටොරන්ට් ක්ලයන්ට් එකක් මාර්ගයෙන් තොරව ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ( eg: IDM, JDownloader) කරගන්න පහත වෙබ් අඩවි බාවිතා කල හැකියි. එම අඩවිවල උපදෙස් අනුව ක්‍රියා කරන්න.
තවත් මේ වගේ බාන්ඩේකින් හමුවෙමු ජයෙන් ජය ....


ඔන්න එහෙනං තවත් අපේ හැම යාලුවෙකුටම වගේ වැදගත් වෙන එකක් අරන් ආවා.. මේක නම් මරේ මාරු.. ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයාර් එකෙන් බානකොට එපා වෙනවනේ  අනික කවුරු හරි පෙර ගෙවුම් පාවිච්චි කරන කෙනක් ඔය ඩයලොග් 100 කාර්ඩ් එකක් එහෙම දාල ඩවුන්ලෝඩ් කරන්න ගියොත් ටොරන්ට් වලින් වේගේ අඩු වෙනකොට එක හෙනම අවාසියක්නේ.. මේකෙන් එක නැති වෙනවා සමාන්‍යයෙන් අපි ටොරන්ට් වල බාන වේගේ වගේ දෙගුණයක් විතර වේගයක් මේකෙන් ගන්න පුළුවනි එහෙනං බාගෙන ඉන්ස්ටෝල් කරලම බලන්නකෝ
zip file එක extract  කරනකොට  ඉල්ලන පාස් වර්ඩ් එකට sudu කියල ටයිප් කරන්න /.. තවත් මේ වගේ බාන්ඩේකින් හමුවෙමු ජයෙන් ජය 


CLICK HERE TO DOWNLOAD












0 comments:

Post a Comment

Search

Counter

World Map

Online Counter